Friday, September 23, 2016

කාලය හරහා වෙනත් ලොවකට යාම

 කාලය හරහා වෙනත් ලොවකට යාම,
මෙය ගොඩක් පැහදිලි ලෙස බෞද්ද ධර්මයෙ විස්තර කෙරෙනව.
මේවා සාමාන්‍ය ඇසට නොපෙනෙන ලෝක වේ.මෙවැනි ලෝක බොහෝ ප්‍රමානයක් ඇත
මේ ලෝකෙ සිට හැතම්ම 16 ඉහලින් චාතුන්මහරජිකය(රජ්‍යන් 4 රේ දිලෝකය ) ඇත.
අපේ ලෝකයේ අවුරුදු 50 ක් මේ ලෝකයට එක දවසක් වේ.
දෙවෙනි දිව්‍යලෝකය තව්තිසා(රජ්‍යන් 31) දිව්‍යලෝකය වේ.
අපේ ලෝකයෙ අවුරුදු 100 ගතවනවිට මේ ලෝකෙට 1 දවසක්.
අපි තව්තිසා දිව්‍යලෝකයේ එක විනාඩියක් මේ ලෝකේ කොච්චර වෙලා ගතවනවද කියල බලමු,
දින 36 000 = 1 දවසක් තව්තිසාවට
දින 36 000 = 60* 24 දවසට මිනුත්තු
දින 36 000 =මිනිත්තු1400 තව්තිසාවට
36 000/1400=1400/1400
25.714 = 1 මිනිත්තුවයි තව්තිසාවට
තව්තිසා දිව්‍යලෝකයට 1 විනාඩියක් ගතවෙද්දි අපෙ දවස් 26 ගතවෙලා.
-මෙවැනි කාලප්‍රශ්නයක් නිසා තමයි බුදුන් තව්තිසා ද්ව්‍යලෝකය ධර්මය දේශනාකරන්න තෝරගෙන තියෙන්නෙ.එවිට විවිද ලෝකවල ජීවින්ට මේ ලෝකෙට ඒමේ හැකියාව වැඩී.තථාගතයන් වහන්සේ මෙහිදී අපූරු දෙයක් සිදුකරයි.එනම් පෘතුවියට පැමිනෙන විට බුදුරුවට සමාන රුවක් මවා එයි. සමහර දෙවිවරු මෙය ඇත්ත බුදුන් නොවන බව දන්නා අතර සමහර දෙවිවරුන් ඒබව නොදන්න බව සඳහන්වේ. තව්තිසා ලෝකයේ බුදුන් සිටිනාකාලයේ හැමමොහොතකම ධර්මය අසීමට විවිද ජීවීහු රැස්වෙති.
තව්තිසාවට බන අසන්න අපි වැනි තවත් විශ්වයේ ඇති මනුස්ස ලෝකවල ජීවින් ගේ පැමිනීම සඳහන්වේ. ඊට අමතරව විවිද භ්‍රහ්ම තලවල සහ දිව්‍යතලවල ජීවින්ද පැමිනේ..
කෝටි 600 දෙවිවරු එනබව සඳහන් වේ
ඒ අතර අපෙ ලෝකෙ වගේ විශ්වයෙ තියන අනිත් ලෝකවල ජීවීන්ද අතුලත් බව සඳහන්වේ.
එයින් පැහැදිලි වන්නේ පිටසක්වල ජීවීන්ද, දෙවිවරුන්ද එකම මොහතක බන අසා ඇතිබවයි.
අපේ ලෝකය වැනි ජීවින් සිටින ලෝක මේ විශ්වයේ කෝටි 100ක් ඇති බවද,
ද්ව්‍යලෝක කෝටි 600 ද,
භ්‍රහ්ම ලෝක 16 000 ද,
සතර අපායන් 4000 ද ඇතිබව ධර්මයේ සඳහන්වේ.
-මේ පිලිබඳ ධර්මයේ තියන කතාවක් කෙටියෙන් කියන්නම්,
එය මෙසේය,
තව්තිසා දිව්‍යලෝකෙ කෙනෙක් සෑම දිනකම එම ලෝකයේ තිබෙන වෘකශයන්ගෙන් මල් කැඩීම පුරුදුකරගෙන ඇත.මෙසේ දවසක් ඇය මල් කඩමින් සිටිනවිට ඇගේ ශක්තිය ඉවරවී ගියේය. එකපාරටම මැය එම ලෝකයෙන් අතුරුදහන් වූවාය. ඉන්පසුව මනුශ්‍යලෝකයේ ඉපදෙනවා. ටිකදවසකින් මෙයාට තව්තිසා දිව්‍යලෝකයේ කරපු හැමදෙයක්ම මතක්වෙන්න ගන්නව. දැන් ඇය පෘතුවියේ ඉන්නෙ හරිම අපහසුවෙන්. පස්සෙ ඇයගේ දෙමව්පියන් ඇයව පෝසත් සිටු කුමාරයෙකුට විවාහ කර දෙනව. ඉටපස්සෙ මෙයාට ලමයි 6 කුත් ලැබෙනවා. මෙයාගෙ කැමැත්ත පෙර සිටි ලෝකෙට යන්න. මෙයා බුදුන්ගෙන් යන මර්ගය අහල කොහොම හරි නැවත තව්තිසා දිව්යලෝකෙ මල්කඩකඩ හිටපු තැනම ඕපපාතික ලෙස ඉපදෙනව.ඒවුනත් දැන් තව්තිසාවට හවස්වෙලා. එයා අඳුරන කෙනෙක් අවිල්ල මෙහෙම අහනවා.
''ඔයා කොහෙදා ගියෙ අද දවසම මම ඔයාව දැක්කෙ නැහැ.''ඉටපස්සෙ මෙයා තම මිතුරියට කියනව වෙනලෝකෙකට ගිහිල්ල එයාට වුන කරදර... මෙහිදී ඇය පෘතුවියේ බොහො කාලයක් ගතකරත් තව්තිසාවට 1 දවසක්වත් ගතවී නැත.

No comments:

Post a Comment